විශේෂ කාර්ය බළකා ශාස්ත්රවෙල කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් පොතුවිල් පොලිස් වසමේ ජාතික වනෝද්‍යානය තුළ කච්චිකුඩි ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ත්‍රේඩ් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා ලාහුගල වනජීවී කාර්යාලය වෙත භාර දී තිබෙනවා. මෙම ගිනි අවි සම්බන්ධයෙන් මේවන විට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.