fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනය පැරාලිම්පික් තරගාවලියේ පෙරමුණ ගනී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2021 19:42

චීනය පැරාලිම්පික් තරගාවලියේ පෙරමුණ ගනී

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ පෙරමුණ ගැනීමට චීනය සමත්වී තිබෙනවා.

පදක්කම් 101 ක් දිනාගනිමින් චීනය පැරාලිම්පික් තරගාවලියේ ඉදිරියට පැමිණීමට සමත්වුණා. රන් පදක්කම් 43 ක්, රිදී  පදක්කම් 29 ක් සහ ලෝකඩ පදක්කම් 29 ක් දිනා ගැනීමට චීනය සමත්වී තිබෙනවා. දෙවන ස්ථානයට පත්ව සිටින්නේ පදක්කම් 59 ක් හිමි කරගත් මහාබ්‍රිතාන්‍යයි. මහා බ්‍රිතාන්‍ය ක්‍රිඩකයන් රන් පදක්කම් 23 ක්, රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගැනීමට සමත්වුණා. පදක්කම් 40 ක් හිමි කරගෙන සිටින අමෙරිකා එක්සත් ජනපදය පසුවන්නේ තුන්වන ස්ථානයේයි. මෙවර පැරාලිම්පික් තරගාවලියට ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එක්වීමත් සමග බොහෝ දෙනෙකුගේ උණුසුම් ප්‍රතිචාරයක් හිමිවුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2021 19:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්