fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෘථිවියේ උත්තරධ්‍රැවයට ආසන්නතම දිවයින සොයා ගත් බව විද්‍යාඥයින් පවසයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2021 15:16

පෘථිවියේ උත්තරධ්‍රැවයට ආසන්නතම දිවයින සොයා ගත් බව විද්‍යාඥයින් පවසයි

පෘථිවියේ උත්තරධ්‍රැවයට ආසන්නතම දිවයින සොයා ගත් බව විද්‍යාඥයින් පවසනවා.

ග්‍රීන්ලන්ත වෙරළට ආසන්නයේ පිහිටි ‘උඩාක්’ නමින් හැඳින්වෙන මෙම දිවයින 1978 වසරේ සිට හඳුනාගෙන තිබුණා. එම දිවයින කලින් පිහිටා තිබූ බව සැළකෙන ස්ථානයට වඩා මීටර් 80 ක් උතුරෙන් පිහිටා ඇති බවයි එය යළි පරීක්ෂා කිරීමේදී හෙළිව තිබෙන්නේ.

ඒ අනුව උත්තරධ්‍රැවයට ආසන්නතම දිවයින ලෙස සැළකිය හැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මෙම දිවයින ඇතුලු ග්‍රීන්ලන්තයේ විශාල ප්‍රදේශයක් ඩෙන්මාර්කයට අයත් වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2021 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්