fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙට තරඟ බිමට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2021 18:24

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙට තරඟ බිමට

ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ලෝක වාර්තාවක් පිහිටුවමින් දිනාගන්න ඕස්ට්‍රේලියාව සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙට තරග බිමට පිවිසෙනවා.

පළමු රන් පදක්කම ඕස්ට්‍රේලියාවට හිමි වූයේ මීටර් 3000 කාන්තා ඒකල පාපැදි තරගයකින්. 2019 වසරේ  පිහිට වූ වාර්තාවකුයි මෙසේ බිද දමා ඇත්තේ. ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය සිදු වූ ඊයේ දිනයේ පාපැදි ඉසව්වලින් පමණක් ලෝක වාර්තා 6 ක් බිහිවීම කැපී පෙනෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හෙට දිනයේ තරගබිමට පිවිසීමට නියමිතයි.

රෝදපුටු, ටෙනිස්, පිරිමි ඒකල පළමු වටයේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරන රන්ජන් ධර්මසේන හෙට තරගවදිනවා. එමෙන්ම මහේෂ් ජයකොඩි ඔරු පැදීමේ පිරිමි ඒකල තරගයට සහභාගී වීමට නියමිතයි. මේ වන විට පදක්කම් 23 ක් හිමිකර ගෙන සිටින චීනය පෙරමුණේ පසුවනවා. ඔවුන් රන් පදකක්කම් 8 ක්,රිදී 5 ක් හා ලෝකඩ 10 ක්  දැනටමත් හිමිකර ගෙන අවසන්. දෙවන ස්ථානයේ පසුවන බ්‍රිතාන්‍ය රන් පදක්කම් 6 ක් ද තුන්වන ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 6 ක් හිමිකර ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2021 18:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්