ජනාධිපති නීතිඥ ඩී එස් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ කොරෝනා වයිරසය ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මෙරට නීති කේෂ්ත්‍ර යේ බොහෝ දෙනා අතර ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් ලෙස ඩී එස් විජේසිංහ මහතා ප්‍රසිද්ධියක් උසුලනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කළා. ව්‍යවස්ථාපිත නීතිය, පරිපාලන නීතිය, වාණිජ නීතිය ඇතුලු නීති කේෂ්ත්‍ර පිළිබද මනා දැනුමක් සහිතව කටයුතු කළ ඒ මහතා අපරාධ නීතිය පිළිබද විශේෂඥ දැනුමක් සහිතව කටයුතු කළ චරිතයක්.
අද පස්වරුවේ අභාවප්‍රාප්ත වනවිට ජනාධිපති නීතිඥ ඩී එස් විජේසිංහ මහතා 86 වන වියෙහි පසුවුණා.