fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2021 17:20

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹෙයි

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී අද ආරම්භ වුණා.

මෙවර එම ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 9ක්.

මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ 2016 රියෝ පැරාලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් හිමිකරගත් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තයි. විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් අනතුරුවයි ක්‍රීඩා උළෙල අද ආරම්භ වුණේ.

මෙම ක්‍රීඩා උළෙලේ F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සහභාගී වන අතර F44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සමිත දුලාන් සහභාගීවීමට නියමිතයි. මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර F42 කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. ටෝකියෝ පැරාලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවේ එකම කාන්තා නියෝජනය සනිටුහන් කරන්නේ T46/47 කාණ්ඩයේ මීටර් 100 සහ දුරපැනීමේ ඉසව්වලට සහභාගී වන කුමුදු ප්‍රියංකා ක්‍රීඩිකාවයි. ඊට අමතරව T47 කාණ්ඩයේ මීටර 400 ධාවන ඉසව්ව සඳහා සමන් මදුරංග සුබසිංහ සහභාගී වනවා. පැරා විවෘත දුනුවිදීමේ ඉසව්වෙන් සම්පත් බණ්ඩාර ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර රෝදපුටු ටෙනිස් ඉසව්වෙන් සුරේෂ් රංජන් ධර්මසේන ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.

මේ අතර PR1 කාණ්ඩයේ ඔරු පැදීමේ ඉසව්වට මහේෂ් ජයකොඩි සහභාගී වන්නේ පැරාලිම්පික් උළලකදී ඔරුපැදීමේ ඉසව්ව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි. ටෝකියෝ පැරාලිම්පික් උළෙල සඳහා රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,537 දෙනෙක් සහභාගි වනවා.  එහිදී ක්‍රීඩා 22කට අදාළව පැවැත්වෙන තරග ඉසව් සංඛ්‍යාව 540ක්.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2021 17:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්