පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නැයි බල කරමින් සෑම නිවසකම අද දිනයේ කළු කොඩි ඔසවන ලෙසට කොළඹ අගරදගුරු පදවිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව දිවයින පුරා කතෝලික සභාවට අයත් දේවස්ථානවල සහ නිවෙස්වල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කළු කොඩි එසවීමේ නිරත වන ආකාරය අද දැක ගැනීමට ලැබුණා.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබද සෑහිමකට පත් නොවන බව ප්‍රකාශ කරමින් කතෝලික සභාව පසුගිය ජූලි මාසයේ දී ජනාධිපතිතුමා වෙත පිටු 19 ක ලිපියක් යොමු කර තිබුණා. ඒ සදහා සාර්ථක ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් විරෝධය පල කිරීමේ වැඩපිළීවෙළක් කරා යොමු වීමට කතෝලික සභාව තීරණය කළා. ඒ අනුව අද පෙරවරු 8.45 ට කතෝලික දේවස්ථානවල මල සීනුව නාදකර බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කෙරුණා. පෙ.ව. 8.45 සිට 9.45 දක්වා කාලය තුළදී දේවස්ථානවල යාඥා මෙහෙයන් ද සිදු කෙරුණු බවයි අප වාර්තා කරුවන් සදහන් කළේ.
අද පස්වරු 7 සිට 8 දක්වා සියලු කතෝලික නිවෙස්වල ජප මාලය උච්චාරණය කර යාඥා කරන ලෙසද කතෝලික සභාව බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී අද පෙරවරු 8.45 ට සීනුව නාද කර යාඥා මෙහෙයක් පැවැත්වුණා. දේවස්ථානයේ කළු කොඩි ඔසවා තිබෙන ආකාරයද දැක ගැනීමට ලැබුණා. කොළඹ අගරදගුරු නිල නිවසේ සහ එම දේවස්ථානයේ ද කළු කොඩි ඔසවා විරෝධය පල කෙරුණා. කොම්පඤ්ඤවීදියේ කතෝලික දේවස්ථානවල කළු කොඩි ඔසවා විරෝධය දක්වා තිබෙන ආකාරය මෙලෙස දැක ගැනීමට ලැබුණා.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සිහි කරමින් හැටන් සහ නුවරඑළිය ප්‍රදේශයේ ආගමික වැඩසටහන් පැවැත්වුණා. නිරෝධායන ඇදිරි නීතිය නිසා සිය නිවෙස්වලම සිට මෙම ආගමික මෙහෙයන් සිදු කිරීමටයි බැතිමතුන් කටයුතු කළේ.
දකුණු පළාත් කතෝලික සභාවද අද පෙරවරුවේ කළු කොඩි ඔසවමින් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් යාඥා මෙහෙයක නිරත වුණා. ඒ දකුණු පළාත් රදගුරු රේමන් වික්‍රමසිංහ පියතුමාගේ ප්‍රධානත්වයෙන්. ගාල්ල කළුවැල්ල ශාන්ත මරියා ආසන දෙව් මැදුර ඉදිරිපිටදීයි යාඥා මෙහෙය සිදු කෙරුණේ.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා කටුවාපිටිය දේවස්ථානයේ දී ද කළු කොඩි ඔසවා විරෝධය පෑමක් සිදු වුණා. මිය ගිය පිරිස් සිහි කරමින් එම දේවස්ථානයේ දී දේව මෙහෙයන් ද පැවැත්වුණා. මිය ගිය පිරිස් වෙනුවෙන් ඉදි කෙරුණු ස්මාරක ඉදිරිපිටදී ඉටිපන්දම් දැල්වීමට ද පැමිණ සිටි පිරිස් කටයුතු කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/twvXju7s3F8″]