මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද ( 20) වීදි සංචාරය කිරීමට නියමිතය.
දෙවන රන්දෝලි පෙරහර ඊයේ (19) රාත්‍රි වීදි සංචාරය කළ අතර ඊයේ කරඩුව වැඩමවනු ලැබූවෙි ඉන්දිරාජා මගුල් ඇතු විසිනි. මියන් රාජා සහ කණ්ඩුල යන හස්තීන් දෑලේ ගමන් කරන ලදි.
අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 22 දින පැවැත්වීමෙන් අනතුරුව පසුදින දවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වීමට නියමිතය.