කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සතියක කාලයකට රට වසා තබන ලෙස මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.
එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබද ප්‍රශංසාව පළ කරන උන් වහන්සේ මේ වන විට වයිරසය දැඩි ලෙස ව්‍යාප්තවී ඇති බවද සදහන් කරනවා. ජනජීවිතය සුරක්ෂිත කිරීම සදහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් හා නිර්දේශ අනුව සතියක පමණ කාලයකට හෝ රට වසා තැබීම සුදුසු බවයි මහනායක ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නේ.
මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන යන ස්වාමින් වහන්සේගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබෙනවා.