වයස අවුරුදු 12 සිට 18 දක්වා පසුවන අයට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ඉතාලිය අද ආරම්භ කළා.
ඉතාලියේ රෝම නගරයේ එන්නත්කරණ මධ්‍යස්ථානවල මෙසේ එන්නත් ලබා දීම අද සිදු කෙරුණා. පාසල් සහ ක්‍රීඩා කටයුතු කඩිනමින් ආරම්භ කරමින් රට යාථා තත්වයට පත් කර ගැනීමේ අරමුණ ඇතිවයි ඉතාලි රජය එන්නත්කරණ වැඩසටහන මෙලෙස පුළුල් කර තිබෙනවා. ඉතාලියේ සිටින තරුණ ප්‍රජාව සඳහා මොඩර්නා සහ ෆයිසර් එන්නත් අනුමත කර තිබෙනවා.