ඔරු පැදීමේ හා ස්කොෂ් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකර ගැනීමේ අරමුණ ඇතිව එම ක්‍රීඩාවන් හි නිරත ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය හා ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩා සංගමය සමඟ ගිවිසුම්ගත වෙමින් ඔවුන්ට මූල්‍යමය ප්‍රදානයන් ලබාදීම පසුගියදා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය වෙනුවෙන් එහි සභාපති දිමුත් ගුණවර්ධන මහතා සහ ස්කොෂ් ක්‍රීඩා සංගමය වෙනුවෙන් එහි සභාපති සුරේන් කොහොඹන්ගේ මහතා අදාළ ගිවිසුම් වෙනුවෙන් අත්සන් තැබුහ.
මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන් අතරට මෙම ඔරු පැදීමේ ක්‍රීඩාව සහ ස්කොෂ් ක්‍රීඩාව ද ඇතුළත් වේ.
මෙම ක්‍රීඩාවන්හි නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයට රුපියල් 42,143,294.60/-ක මුදලක් සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයට රුපියල් 52,400,900.00/-ක මුදලක් ද මෙම ගිවිසුම්වලට සමගාමීව ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවන් සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරින්, ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය හා ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.