පූජ්‍ය ගුලවිට සිරිනිවාස ස්වාමීන් වහන්සේ අපවත් වෙති
Related Articles
ගුලවිට කටුදොර ගලපිටගල පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගුලවිට සිරිනිවාස ස්වාමීන් වහන්සේ අපවත් වුණා.
ශාසනයට ඉමහත් සේවාවක් සිදුකළ පූජ්‍ය ගුලවිට සිරි නිවාස ස්වාමීන් වහන්සේ අපවත් වන විට 70 වන වියේ පසුවුණා. උන් වහන්සේ කොළඹ මාලිගාවත්ත ශ්‍රී නිවාසාරාමය යන විහාරස්ථනයේ ද අධිපතිත්වය ඉසුලුවා. මල්වතු විහාර පාර්ශවයේ කළුතර දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාවිට කෝරලයේ ද්විතියික සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ උන් වහන්සේ වලල්ලාවිට ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ස්වාමීන් වහන්සේ ලෙසද කටයුතු කළා.
එමෙන්ම වලල්ලාවිට නවෝද්‍යා මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ලෙස උන් වහන්සේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද ඉමහත් සේවාවක් සිදු කර තිබෙනවා.
අපවත්වී වදාළ පූජ්‍ය ගුලවිට සිරි නිවාස ස්වාමීන් වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු ගලපිටගල පුරාණ මහා විහාරයේ දී හෙට සිදු කෙරෙනවා.