fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2021 09:14

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් අතිගරු මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අතර හමුවක් ඊයේ  (11) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම හමුවේදී ද්විපාර්ශවිකව වැදගත් වන අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව මහකොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම් අතර සාකච්ඡා පැවැත්විණි.

ඉන්දු පැසිෆික් කලාපයේ දූපත් ජාතිීන් වශයෙන් දෙරටේම භූගෝලීය උපාය මාර්ගික වැදගත්කම සහ එයින් අත්කර ගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ඉස්මතු කරමින් මහකොමසාරිස් ඇපල්ටන් මහතා දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවට සහතික විය.

මේ අතර, කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදා දායකත්වය මහකොමසාරිස්වරයාගේ ඇගයීමට ලක් විය.

මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර ද එක්විය.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුව පැවැත්විණි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2021 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්