නිරෝධායන නීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 138 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන නීති කඩ කිරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 53,942 ක්.
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 50,000 කට නඩු පවරා ඇති අතර, තවත් 4000 කට නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.