fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවතින දේශගුණ විපර්යාස සමඟින් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම දැඩි අර්බුදයකට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2021 18:24

පවතින දේශගුණ විපර්යාස සමඟින් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම දැඩි අර්බුදයකට

දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව සිය නවතම වාර්තාව එළිදක්වා තිබෙනවා.

පවතින දේශගුණ විපර්යාස සමඟින් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි එම වාර්තාව සඳහන් කර ඇත්තේ.මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතිය ආපසු හැරවිය නොහැකි ආකාරයෙන් විනාශයකට ලක්ව තිබෙන බවයි අන්තර් රාජ්‍ය දේශගුණ විපර්යා කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ඉදිරි කාලය තුලදී අධික උණුසුම් තත්ත්වයන්, නියගයන් සහ දරුණු ජල ගැලීම් ඇති විය හැකි බවද නවතම වාර්තාව දක්වා තිබෙනවා. මානව වර්ගයා වෙනුවෙන් රතු එළියක් දල්වන තත්ත්වයක් ඇති වී තිබෙන බවයි වාර්තාව සම්පාදනය කළ විද්‍යාඥයන් සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා දාහතරදහසකට වැඩි සංඛ්‍යාවක් අධ්‍යයනය කිරීමෙන් පසු නව වාර්තාව සකස් කර තිබෙනවා. ගෝලීය උණුසුම ඉහළයාම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම තක්සේරුව මෙය බවයි විශේෂඥයන් පවසන්නේ. අවසන් වරට දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව වැනි පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවේ 2013 වසරේදී.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2021 18:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්