සිය බිරිද සහ මාස හයක් වයසැති දියණිය ඝාතනය කර මල සිරුරු දෙක පුළුස්සා වසර හයක කාලයක් සැගවී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
සැකකරු විසින් සිය බිරිද සහ දියණිය ඝාතනය කර පුළුස්සා වල දැමූ ස්ථානය ඊයේ පස්වරුවේ කැණීම සිදු කෙරුණා. එහිදී හමුවූ අස්ථි කොටස් ඉදිරි පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා. සැකකාර 28 හැවිරිදි පරමේශ්වරන් මනෝරංජන් පුද්ගලයා වව්නියාව මුරුගන්වූර් ප්ර දේශයේ පදිංචිකරුවෙකු බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. බිරිද සමග ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිවුණා. සැකකරු වව්නියාව වැඩ බලන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා තෙත් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.