දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව සිය නවතම වාර්තාව එළිදැක්වීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ලොව පළ කෙරෙන විශාලතම වාර්තාව වන්නේ මෙයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා දාහතරදහසකට වැඩි සංඛ්‍යාවක් අධ්‍යයනය කිරීමෙන් පසු නව වාර්තාව සකස් කර තිබෙනවා. ගෝලීය උණුසුම ඉහළයාම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත නවතම තක්සේරුව මෙය බවයි විශේෂඥයන් පවසන්නේ. නව වාර්තාවෙන් ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ දේශගුණ විපර්යාස හැසිරෙන ආකාරය පිළිබඳව පුරෝකථනයන්ද ඉදිරිපත් කෙරෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා. විශේෂයෙන් කාබන් විමෝචනය අවම කිරීම සඳහා නව වාර්තාවෙන් යෝජනා ගණනාවක් ඉදිරිපත් කෙරෙනු ඇති. අවසන් වරට දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව වැනි පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවේ 2013 වසරේදී. විද්‍යාඥයන් පවසන ආකාරයට නව වාර්තාවට නැවුම් කරුණු රැසක් අන්තර්ගතව පවතිනවා.