ටෝකියෝ 2020 ඔලිම්පික් තරගාවලියේ අවසන් දිනය අදයි.
රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 40ක්, හා ලෝකඩ පදක්කම් 33ක් දිනා ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය මෙවර ඔලිම්පික් තරගාවලියේ පළමු ස්ථානයේ පසුවනවා. ඇමෙරිකා එක්සත් ජනපදය දිනාගත් මුළු පදක්කම් සංඛ්‍යාව 111 ක්. චීනය රන්පදක්කම් 38ක්, රිදී පදක්කම් 31 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා. චීනය දිනාගත් මුළු පදක්කම් සංඛ්‍යාව 87 ක්. තෙවන ස්ථානයේ පසුවන ජපානය දිනා ගත් රන් පදක්කම් සංඛ්‍යාව 27 ක්. රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් දිනා ගනිමින් ජපානය පදක්කම් 58 ක් මෙවර ඔලිම්පික් උළලේදී දිනා ගැනීමට සමත් වුණා. මහා බ්‍රිතාන්‍යයද පදක්කම් 64 ක් දිනාගනිමින් 4 වන ස්ථානයට පැමිණ තිබෙනවා.
මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී දකුනු අප්‍රිකාවේ තජ්ජානා ෂෝන්මේකර් මීටර් 200 කාන්තා පිහිනුම් ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වුණා. මීටර් 100 සමනලආර ඉසව්වෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සීලෙබ් ඩෙසෙල් තමන් තබා තිබූ ලෝක වාර්තාවක් අලුත් කිරීමට සමත් වුණා. මීටර් 400 කඩුලු පැනීමේ තරගයේදී ද නව වාර්තා තැබීමට කර්ස්ටන් වෝහොන් සහ සිඩ්නි මැක්ලොග්ලින් සමත් වුණා. කාන්තා මීටර් 100 ධාවන ඉසව්වේදී එලීන් තොම්සන් නව වාර්තාවක් තැබීමට මෙවර සමත් වුණා.