ගල්ගමුව මහනාන්නේරිය ප්රදේශයේ නිවසක තිබී අබිරහස් ලෙස මියගිය තුන් දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසි කිරීමකදී නිවස තුල තිබූ මෙම සිරුරු සොයා ගැනුණා. මිය ගිය කාන්තාව සහ පිරිමි පුද්ගලයා විසි අටවන වියෙහි පසුවන අතර මෙම කාන්තාවගේ දස හැවිරිදි දරුවාද මෙසේ මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අදාළ කාන්තාව හා පිරිමි පුද්ගලයා අතර අනියම් සබදතාවක් පැවති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පුද්ගලයා කාන්තාව හා දස හැවිරිදි දරුවා ඝාතනය කර සිය දිවි හානි කරගන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.