කොවිඩ් ආසාදනයට ලක්වූ දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බැවින් දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා වැඩිහිටියන් පුළුල් අවධානයක් යොමුකළ යුතු බව ළමා රෝග විශේෂඥයින් අවධාරණය කරනවා.
කෙසේ වෙතත් ප්‍රතිකාර කිරීමේ දී ඔක්සිජන්වල කිසිදු හිගයක් නොමැති බව සෞඛ්‍ය අංශ සදහන් කළා.
කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බැවින් ප්‍රතිකාර කිරීමට ඇති අවස්ථාව ද අහිමිවීමේ අවදානමක් ඇති බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කළේ. දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 125 ත් 150 ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබනවා. සරුංගල් යැවීම වැනි දරුවන් ඒකරාශී වන ක්‍රියාකාරකම් වෙත ඔවුන් යොමු කිරීමෙන් වළකින ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
කොවිඩ් වැළදුන ද මාස 6 ට අඩු දරුවන්ට අනිවාර්යයෙන් මව්කිරි ලබාදිය යුතු බවද දීපාල් පෙරේරා මහතා කියාසිටියා.
මේ අතර දරුවන්ට යම් රෝග ලක්ෂයක් ඇත්නම් වහා රෝහල් වෙත යොමු කරන ලෙසයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
කොරෝනා ආසාදනය වූ දරුවන්ට ප්‍රතිකාර කිරීමේ දී රාජගිරියේ පිහිටි අයුර්වේද රෝහලේ වාට්ටුද යොදා ගැනීමට පියවර ගෙන ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xpLAyW6mEW0″]