ඩෙල්ටා ප්‍රභේදය පෙර නොවූ විරූ වේගයෙන් රට පුරා පැතිර යාමත් සමග ජපානයේ කොවිඩ් වයිරස අසාදිත සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.
ගතවූ පැය 24 තුළ ජපානයෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පහළොස් දහස් හයසිය හතලිස් පහක් ඉක්ම යාමත් සමග එරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සංඛ්‍යාව දස ලක්ෂ නවසිය පනස් තුනක් ලෙසයි දැක්වෙන්නේ. එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස් දහස් දෙසිය හතලිහක්.
ටෝකියෝ ඔලිම්පික් උළෙල පසුගිය ජූලි 23 වනදා ආරම්භ වීමෙන් අනතුරුව එරටින් කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ හතලිස් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බව ජපාන සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.