සියයට 20 ක්ව පවතින ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීම සියයට 60 ක් දක්වා වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා.
මේ අනුව මෙරටදී නිෂ්පාදනය කළ තවත් ඖෂධ දෙකක් වෙළෙද පොළට නිකුත් කිරීම අද ආරම්භ කෙරුණා.
ට්‍රැමඩොල් හා ලෙවොතයිරොක්සීන් යන ඖෂධ දෙක මෙරටදී නිෂ්පාදනය කර වෙළෙද පොළට නිකුත් කිරීමෙන් විදේශයන්ට ඇදී යන විශාල මුදලක් ඉතිරි කර ගැනීමේ හැකියාව උදාවනවා.
එම ඖෂධ වෙළෙද පොළට නිකුත් කිරීම සිදුවූයේ අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ද මූලිකත්වයෙනුයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/OoCeIB4U4_0″]