රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන ගැනීම පහසු කරන ස්පන්දන ඔක්සිමීටර් (PULSE OXIMETER) 300ක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ අද (06) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්හ.
කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාරවලට යොමුවන රෝගීන්ගේ පහසුව සඳහා බෙදා දීමට මෙම ස්පන්දන ඔක්සිමීටර් තොගය පරිත්‍යාග කෙරිණි.
වසංගත තත්ත්වයට මුහුණ දෙමින් කොවිඩ් රෝගය පාලනය කිරීම උදෙසා රජය ගෙනයන එන්නත්කරණ වැඩපිළිවෙල අගය කරන බව කැලණිය මානෙල්වත්ත විහාරාධිපති, නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යන ආයතනයේ උපකුලපති හා තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ මෙහි දී පැවසූහ.
එන්නත්කරණය ඔස්සේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, රජය ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට මෙන්ම ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවිධ ස්වෙච්ඡා සංවිධාන සහ පෞද්ගලික ආයතනවලින් ලැබෙන දායකත්වය ද අගය කළේය.