දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
පෙත්සම්කාර රනිල් වික්රමසිංහ මහතා පවසන්නේ තමන්ගෙන් ප්රමාණවත් ලෙස කොමිසම නිදහසට කරුණු විමසිමක් සිදු නොකරන බවයි. නීතියට පටහැනි ලෙස සහ ස්වභාවික යුක්ති ධර්මය නැමති නීතිමය මූලධර්මය උල්ලංඝනය කරමින් අදාළ පරීක්ෂණ කොමිසන් සභාව විමර්ශන සිදුකර ඇති බවටද රනිල් වික්රමසිංහ මහතා චෝදනා කරනවා. තම රිට් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්රකාශයට පත් කරනතුරු කොමිසමේ නිර්දේශ ක්රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද රනිල් වික්රමසිංහ මහතා ඉල්ලිමක් කර තිබුණා.