ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම විහාරමහාදේවි උද්‍යානයට අමතරව දියත උයනේදීද අද සිට පැය 24 පුරා ක්‍රියාත්මකයි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථානයක් විහාරමහා දේවි උද්‍යානයේ දී ඊයේ ආරම්භ කෙරුණා. විශාල පිරිසක් මේ වනවිටත් එන්නත ලබා ගැනීම සදහා එම ස්ථානයට පැමිණ සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
පැය 24 පුරා ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීමේ තවත් මධ්‍යස්ථානයක් අද ආරම්භ වුණේ බත්තරමුල්ල දියත උයන මධ්‍යස්ථානයේ දීයි. පළමු මාත්‍රාව ලබාගෙන ඇති ඕනෑම අයෙකුට මෙම ස්ථානයේ දී ද දෙවන මාත්‍රාව ලබා ගත හැකියි. හෙට සහ අනිද්දා දින දෙක තුළදී ද පැය 24 පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ මෙම මධ්‍යස්ථානවලදී ක්‍රියාත්මක බැවින් අනවශ්‍ය කලබලයකින් තොරව පැමිණ එන්නත ලබා ගන්නා ලෙසයි යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින්නේ.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සහ යුද හමුදා රෝහලේ දී ද එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.