චීනයෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
ගතවූ පැය 24 ට චීනයෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 75 ක්. ඉන් 53 දෙනෙකු චීන ජාතිකයින් බවයි වාර්තා වන්නේ. අනෙකුත් ආසාදිතයින් විසිදෙදෙනා විදේශිකයින් බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. යුනාන්, ෂැන්ග්හයි, ටියෑන්ජින් හා ගුවැන්ග්ඩොන් යන ප්රාන්තයන්ගෙනුයි නව ආසාදිතයින් හමුව ඇත්තේ. මේ වනවිට චීනයෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අනූතුන්දහස ඉක්මවා ඇති අතර වයිරසය හේතුවෙන් ජීවිත අහිමිවූ සංඛ්‍යාව 4,636 ක්.