ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් අගනුවර වෙත නැවත වරක් ගුවන් ගමන් ආරම්භ කළා.
මොස්කව්හි ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපොලේදී ශ්‍රී ලංකන් ගුවන් යානය චාරිත්‍රානුකූලව ජල ආචාර යටතේ පිළිගැනීම සිදුවුණා. වසර 06ක කාලයකට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියා අගනුවර වෙත මෙලෙස ගුවන් ගමන් ආරම්භ කිරීම විශේෂත්වයක්. සෑම සිකුරාදා දිනකම ශ්‍රී ලංකාවේ සිට රුසියාව වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙනවා. කොළඹ සහ මොස්කව් අතර පියාසර කාලය පැය 08යි විනාඩි 25ක් පමණ වනවා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම තුළින් සංචාරක කටයුතු පමණක් නොව දෙරට අතර ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතාද වර්ධනය කර ගැනීමට ඉඩ ලැබෙන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ. ගුවන් මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉහලම ප්‍රමිතින් හඳුන්වාදීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු යොදා තිබෙනවා.