ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය කිලෝමීටර් 5ක දුරක් තනිව ධාවනය කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා.
කැසී නමින් හදුන්වන රොබෝ යන්ත්‍රය තමාගේ පෙඩලය සහිත පාද ආධාර කරගනිමින් කිලෝමීටර් 5ක දුරක්, විනාඩි 53ක කාලයකදී අවසන් කර තිබෙනවා. මෙම රොබෝව ක්‍රියා කරවන පරිගණක යන්ත්‍රය අධි උෂ්ණ තත්ත්වයට පත් වීම හේතුවෙන් තම ගමන් සීමාව තුල රොබෝ යන්ත්‍රය දෙවතාවක් බිමට ඇද වැටුණු බව පැවසෙනවා.
එක් වරක් පමණක් ආරෝපණය කිරීම මගින් කිලෝමීටර් 5ක දුර ප්‍රමාණය අවසන් කිරීමට රොබෝ යන්ත්‍රයට හැකියාව ලැබීම විශේෂත්වයක්.
ඉදිරියේදී භාණ්ඩ ඇනවුම් ප්‍රවාහනය සදහා මෙම රොබෝ යන්ත්‍රය උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බවයි නිර්මාණයට සම්බන්ධ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පවසන්නේ.