ජපානයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගය රැගත් ගුවන් යානය ජපනයෙන් පිටත් වී තිබෙනවා.
කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන මෙම එන්නත් තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එවා ඇති බවයි ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ.
එම ගුවන්යානය අද පස්වරු 05.10ට කටුනායක ගුවන් තොටුපළට ළගාවීමට නියමිතයි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටින පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලෙස මෙම එන්නත් පළමුවෙන් ලබාදෙනු ඇති.
අනතුරුව ඉතිරි එන්නත් මාත්‍රා ප්‍රමාණය කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.