fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා තොගය දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2021 18:16

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා තොගය දිවයිනට

කොවැක්ස් වැඩසටහන යටතේ ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා හත්ලක්ෂ විසිඅට දහස් හාරසිය හැටක් ජපානයේ සිට දිවයිනට අද රැගෙන එනු ලැබුවා.

කොවැක්ස් පදනම යටතේ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක් ජපානයේ සිට රැගෙන එනු ලැබුවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 455 දරණ ගුවන් යානයෙන්. එන්නත් තොගය භාරගැනීම සදහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය බණ්ඩාරනායක ගුවන්තොටුපොල වෙත පැමිණ සිටියා. එන්නත් තොගය නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතා සිදුකළා. එන්නත් තොගයෙන් මාත්‍රා 490,000 ක් දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටි පිරිස් සදහා වෙන්කර තිබෙනවා. ඉතිරි මාත්‍රා කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සදහා ලබාදීමට නියමිතයි. ඉදිරි සතියේදී තවත් ඇස්ට්‍රා සෙනකා මාත්‍රා 727,380 ක් ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2021 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්