fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පර්සිට 85යි – උපන් දින තෑග්ගට සන්නාම තානාපති ධුරයක්

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2021 11:55

පර්සිට 85යි – උපන් දින තෑග්ගට සන්නාම තානාපති ධුරයක්

ක්‍රීඩා ලෝලියෙකු ලෙස දෙස් විදෙස් ගෞරවාදරයට පත්ව සිටින පර්සි අබේසේකර මහතා අද 85 වෙනි ඡන්ම දිනය සමරනවා.

ඒ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ලැබුණු තිළිණයක් ලෙස සීමාසහිත ලංකා සළුසල ආයතනයේ සන්නාම තානාපති ලෙස පත්කිරිම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් අද දින සිදු කිරීමට නියමිතයි.

දේශීය මෙන්ම විදේශීය ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ සිංහධජය ඉහලට ඔසවමින් ජය පැරදුම හමුවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්යය නංවාලීමට ජනප්‍රියම ප්‍රේක්ෂකයා වන පර්සි අබේසේකර මහතා කටයුතු කර තිබෙනවා .

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන ජයග්‍රහණ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා තරඟ තුළදී ප්‍රේක්ෂකයෙකුගෙ භූමිකාවේ දෙස් විදෙස් ජනප්‍රියත්වයට පත්වූ පර්සි අබේසේකර මහතාගේ නම ක්‍රිකට් ක්‍රීඩාව තරම්ම ජනප්‍රියත්වයට පත් වී ඇත්තේ එබැවිණි .

වෘත්තියෙන් නීතිඥයෙකු වීමට බලා සිටී පර්සි නීති විභාගය ද අතහැර ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයට ගොස් වසර හැටක් ම ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රිකට් ප්‍රේක්ෂකයා බවට පත්ව සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළත් ලෝක ක්‍රිකට් කිරුළ ජය ගැනීමේ සිට අද දක්වාත් ක්‍රිකට් ලොව සුන්දර අත්දැකීම් රැසකට පර්සි අබේසේකර මහතා හිමිකම් කියයි.

පර්සි අබේසේකර මහතාට ජීවන ගමනේ ශතකය පසුකර යෑමට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු .

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2021 11:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්