දින 36 කට පසු දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ දෙදහසේ සීමාව ඉක්මවා ගියා.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,370 ක්.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 304,202 ක්. 26,448 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 273,496 ක්.
ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 14,147 ක් සිදුකර ඇති අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 5,615 ක් සිදුකර තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් වැඩිවීමේ තත්ත්වය පිළිබද නොසැලකුවහොත් ඉදිරියේදී බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කොරෝනා අවදානම යළි හිස ඔසවමින් පවතින බැවින් ලබාදී තිබෙන නිදහස අයුතු ලෙස යොදා නොගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දඹුල්ල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමග ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසැල් 4 ක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. සෙසු වෙළෙදසැල් 140 සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදවලට අනුව විවෘතව පවතින බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා ප්‍රකාශ කළේ.