fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවන T20 තරගයේ ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2021 08:57

දෙවන T20 තරගයේ ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත වූ විස්සයි විස්ස තරගාවලිය තරග එකට එකක් ලෙස සම තත්ත්වයට පත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 5 ක් දැවී ලබාගත්තේ ලකුණු 132 ක් පමණයි. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ශිකර්දවාන් පන්දු 42 දී ලකුණු 40 ක් රැස්කළා. පන්දු යැවීමේ දී අකිල ධනංජය ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

තරගය ජයග්‍රහණය සදහා ලකුණු 133 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 133 ක් රැස්කර ගනිමින් තරගයේ ජය හිමිකර ගත්තා. විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 34 කදී ලකුණු 40 ක් රැස්කළා.

මිනොද් භානුක පන්දු 31 කදී ලකුණු 36 ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදුන්නා. තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ද ධනංජය ද සිල්වායි.

තරගයේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රී යේදී පැවැත්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2021 08:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්