ප්‍රදේශ රැසක ජනතාවගේ පානීය ජල ගැටලුව නිමාවට පත්කරමින් ඇරඹුනු මෙරට දැවැන්ත ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණා.
කෙටි කාලයක් තුළ විශාල පිරිසකට පානීය ජලය ලබා දීමේ රජයේ ඉලක්කය සපුරාලීමට රජයට හැකිවූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළා.
පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටි මාතලේ රත්තොටත යටවත්ත උකුවෙල පල්ලෙපොළ අඹන්ගග කෝරළය සහ නාවුල යන ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සහන සලසමිනුයි විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදිකෙරුණේ.
රුපියල් මිලියන තිස්එක්දහසක් වැය කරමින් ඉදිකළ මෙම ජල යෝජනා ක්‍රමය යටතේ නව ජල සම්බන්ධතා අනූ දහසක් පමණ ලබාදිය හැකියි. ඒ අනුව පිරිසිදු පානීය ජලය ලබා ගත හැකි සමස්ත පවුල් සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහස ඉක්මවනවා. විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ අඹන්ගග, උකුවෙල සහ උඩතැන්න යන ජල ව්‍යාපෘතිද විවෘත කෙරුණා. අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/YVzi75l6AaU”]