fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සමඟ පිළිසඳර අති සාර්ථකයි – ශ්‍රීලනිපය ආණ්ඩුව අත නොහරියි

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 19:16

ජනපති සමඟ පිළිසඳර අති සාර්ථකයි – ශ්‍රීලනිපය ආණ්ඩුව අත නොහරියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවට සහයෝගය ලබා දේවිද නැද්ද කියලා බොහෝ පිරිසක් අවධානයෙන් බලාගෙන සිටියා. මේ ප්‍රශ්නෙට අද උත්තරයක් ලැබුණා. ඒ ජනාධිපතිතුමා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පවත්වපු සාකච්ඡාවේදී.

මේ සාකච්ඡාවට එක්වුණු නිදහස් පක්ෂ සාමාජිකයන් කියා සිටියේ ජනාධිපතිතුමා සුබවාදීව තමන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ බවයි. ඒ වගේම ඉදිරියටත් ආණ්ඩුව ශක්තිමත් කරන්න තමන්ගේ දායකත්වය ලබා දෙන  බව ඔවුන් කියා සිටියා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දායකත්වය ලබාදීම හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය මෙහිදී යොමුව තිබෙනවා. එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ප්‍රකාශ කළේ එම සාකච්ඡාව සුබවාදීව අවසන් වූ බවයි.

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්