fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Offline ගුරුවරුන්ව Online කරවන විසඳුමේ පත්‍රිකාව කැබිනෙට්ටුවට

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 18:56

Offline ගුරුවරුන්ව Online කරවන විසඳුමේ පත්‍රිකාව කැබිනෙට්ටුවට

වර්ජනයේ නිරත ගුරු සංගම්වල ඉල්ලීම් සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

කෙසේ වෙතත්  තමන් සිදු කරන වර්ජනය දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවයි ගුරු සංගම් පවසන්නේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු සංගම් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 15 ක්. ගැටළු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අධ්‍යාපන අමාත්‍යවරයා හා සංගම් අතර සාකච්ඡා පැවැත්වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණේ.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත ගුරු සංගම් නියෝජිතයන් පැවසුවේ අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වුවද තම වෘත්තීය ක්‍රියාමාර්ග නතර නොකරන බවයි.

මේ අතර ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවට නිසි විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් ජාතික සමගි අධ්‍යාපන සේවක සංගමය අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාක නිරත වුණා.

මේ අතර තංගල්ල නගරයේ දී ද විරෝධතාවක් පැවැත්වුණා.  මේ හේතුවෙන් තංගල්ල – මාතර, කතරගම සහ බෙලිඅත්ත මාර්ගයන්හි රථවාහන ධාවනයට බාධා එල්ල වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්