fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යහපාලන කාලයේ නිහඬව සිටි ජවිපේ මේ කාලයේ ගොවියන් වෙනුවෙන් පෙනී සිටීම විහිලුවක්

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 18:28

යහපාලන කාලයේ නිහඬව සිටි ජවිපේ මේ කාලයේ ගොවියන් වෙනුවෙන් පෙනී සිටීම විහිලුවක්

වී කිලෝවක් රුපියල් 30 කට මිලදීගත් යහපාලන කාලයේ නිහඩව සිටි ජනතා විමුක්ති පෙරමුණ රුපියල් 55 කට වී කිලෝවක් මිලදී ගන්නා මෙම කාලයේ දී ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටීම විහිලුවක් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා.

ගොවි ජනතාවට දුන්න සහන යහපාලන සමයේ දී කප්පාදු කරද්දි ජනතා විමුක්ති පෙරමුණ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ ආකාරයත් අමාත්‍යවරයා සිහිපත් කළා.

මහවැලි කාබනික වගා ප්‍රවර්ධන සතිය අද සිට ක්‍රියාත්මකයි. එහි සමාරම්භක උත්සවය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වුණා. ගොවි මහතුන් දැනුවත් කිරීම මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයට අදාළ අත් පොතක් හදුන්වාදීම ද මෙහිදී සිදුකෙරුණා. වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය ඔස්සේ කාබනික වගා ප්‍රවර්ධන සතියට සුබපැතුම් එක්කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්