fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ නිලූක කරුණාරත්න හා චාමර නුවන් තරඟ බිමට

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 18:05

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ නිලූක කරුණාරත්න හා චාමර නුවන් තරඟ බිමට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ නිලූක කරුණාරත්න හා චාමර නුවන් ධර්මවර්ධන අද තරග බිමට පිවිසියා.

පිරිමි ඒකල බැඩ්මින්ටන් ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක කරුණාරත්න පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට අයර්ලන්ත ක්‍රීඩක නහාට් නැගුවේන් සමත් වුණා. විසිඑකට දහසයක් හා විසිඑකට දාහතරක් ලෙසයි ඔහු ජය ලැබු‍වේ. අයර්ලන්ත ක්‍රීඩකයා ලෝක වර්ගීකරණයේ පනස් තුන්වන ස්ථානයේ පසුවන අතර නිලූක කරුණාරත්න රැදී සිටින්නේ 114 වන ස්ථානයේයි.

නිලූක කරුණාරත්න මුහුණ දුන් පළමු තරගයෙන්ද චීන තායිපේ ක්‍රීඩකයා හමුවේ තරග වට දෙකට බිංදුවක් ලෙස පරාජයට පත් වුණා. මේ අතර ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන කිලෝග්‍රෑම් හැත්තෑ තුන බර පන්තියේ ක්‍රීඩකයන් තිස් දෙදෙනාගේ තරග වටයේදී පරාජයට පත් වුණා. ඒ ජිබොති රාජ්‍යයේ ක්‍රීඩකයා හමුවේයි. මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් පස් දෙනෙකු තරග සදහා ඉදිරිපත් වී තිබෙනවා. හෙට පස්වරුවේ මීටර් සියය නිදහස් ආර පිහිනුම් පිරිමි ඉසව්ව නියෝජනය කරමින් මැතිව් අබේසිංහ තරග වැදීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 18:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්