fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපයට හිමිව තිබූ තංගල්ල නගර සභාවේ බලය පොදුජන පෙරමුණට

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 18:20

එජාපයට හිමිව තිබූ තංගල්ල නගර සභාවේ බලය පොදුජන පෙරමුණට

මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ තංගල්ල නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද හිමිවුණා.  නව සභාපතිවරයා ලෙස තේරී පත්වුණේ ඩබ්ලිව් පී ආරියදාස මහතායි.

තංගල්ල නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රවිදු දිල්ෂාන් වෙදආරච්චි මහතා 2018 වර්ෂයේ සිට සභාපතිවරයා ලෙස කටයුතු කළා. සමඟි ජන බලවේගයට එක්වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ග ගැනීමත් සමඟ ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව නිකුත්කර තිබුණා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව් පී ආරියදාස , එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජේ එම් සී ඩී ජයසුන්දර සහ විජිත් චන්දිම යන මන්ත්‍රීවරුන් ඊට ඉදිරිපත්ව සිටියා. පළමු වටයේ පැවති රහස් ඡන්ද විමසීමේ දී ඩබ්ලිව් පී ආරියදාස මහතා ඡන්ද 7 ක් විජිත් චන්දිම මහතා ඡන්ද 5 ක් සහ ජේ. එම්. සී. ඩී ජයසුන්දර මහතා ඡන්ද 4 ක් ලබාගත්තා. අනතුරුව වැඩි ඡන්ද ලබාගත් මන්ත්‍රීවරුන් දෙදෙනා අතර රහස් ඡන්දයක් පැවති අතර එහිදී දෙදෙනාම සම ඡන්ද ලබාගැනීම හේතුවෙන් කුසපත් ඇදීමක් සිදුකර තිබෙනවා. එහිදී ඩබ්ලිව් පී ආරියදාස මහතා සභාපතිවරයා ලෙස පත්කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්