අයහපත් කාලගුණයෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර හේතුවෙන් ලන්ඩන් නගරයේ මහා මාර්ග, උමං දුම්රිය ස්ථාන හා නිවාස ද යටව ඇති බවයි වාර්තා වන්නේ. ලන්ඩන් නුවර පිහිටි රෝහල් දෙකක හදිසි ප්‍රතිකාර ඒකකයන් ද ජලයෙන් යටව තිබෙනවා. එම ඒකයන් වෙත පැමිණිමෙන් වළකින ලෙසයි රෝහල් බලධාරීන් රෝගීන්ට දන්වා ඇත්තේ. මහා මාර්ගයන්හි ගමනා ගමනය ද තාවකාලිකව ඇණහිට තිබෙනවා. එමෙන්ම මාර්ග ජලයෙන් යටව ඇත්නම් ඒවායේ ගමන් කිරීමෙන් වළකින ලෙසයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.