ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 9.6 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල 1,150 ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. දිස්ත්‍රික මට්ටමින් මිල ගණන් වෙනස්වීමක් සිදුවිය හැකි අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල 1,150 ක් බව සදහන්.
කළුතර දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරයක් විකිණිය හැකි උපරිම මිල වන්නේ 1,158 ක්. ගාල්ල දිස්ත්‍රික්කයේ එය රුපියල් 1,181 ක් බවයි ගැසට් නිවේදනයේ සදහන් වන්නේ. ගෑස් සිලින්ඩරයක් වැඩිම මිලකට අලෙවි කළ හැක්කේ යාපනය දිස්ත්‍රික්කයේයි. එහි අලෙවි කළ හැකි උපරිම මිල වන්නේ රුපියල් 1,259 කට බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරන්නේ.