fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 12:10

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

කොවිඩ් නයින්ටීන් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම එන්නත් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මේ අතර එන්නත්කරණ වැඩසටහන යටතේ කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව 7434297 දෙනෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 1806612ක්.

ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 නෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 385,885 ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 5565424 දෙනෙකුට ලබාදී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව 1406224කට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 159,081 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව 14,503 දෙනෙකුට ලබාදී තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 113,967 ක්. 670,583 දෙනෙකුට මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

එන්නත්කරණ වැඩසටහන රටපුරා තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ අනුව දියත උයන පරිශ්‍රයේදී එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් පැවැත්වෙනවා. ලබන බදාදා දක්වා උදෑසන 8 සිට පස්වරු 4.30 දක්වා එම ස්ථානයේ දී එන්නත් ලබාදීමට යුද හමුදාව කටයුතු යොදා තිබෙනවා.

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම විද්‍යාලෝක විද්‍යාලයේ දී අද සිදුකෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්