කිරිබත්ගොඩ පොලිස් වසමේ වේවැල්දූව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හැදුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ ස්ථානයක් පොලීසිය වටලා තිබෙනවා. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
එම ස්ථානයේ තිබී ලේඛන සකස් කිරීමට යොදා ගන්නා මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැණුනා. ව්‍යාජ හැදුනුම්පත්,රියදුරු බලපත්‍ර ඇතුළු ලිපි ලේඛන රැසක් මෙහි සකස් කර ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. සැකකරුවන් මහර අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.