fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි පැය 12 තුළ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 11:46

ඉදිරි පැය 12 තුළ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය 12 තුළ බස්නාහිර , සබරගමු පළාත් වලට මෙන්ම මහනුවර , නුවරඑළිය , ගාල්ල  මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද හා වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර පැවතිය හැකියි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. විටින් විට එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පැවති අධික වර්ශාව හේතුවෙන් බොරැල්ල, තුම්මුල්ල හන්දිය හා ආමර්වීදිය කිංසි පාර ජලයෙන් යටව තිබෙනවා .

මධ්‍යම කදුකරයේ පවතින අධික සුළං සහ තද වැසි හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර  අධික වැසි සමඟ ප්‍රදේශය පුරා පවතින අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් අවධානයෙන් යුතුව රිය ධාවනය කරන ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්