කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර් රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා අභාවප්‍රාප්ත වුණේ. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා. ආර් රාජමහේන්ද්‍රන් මහතා මෙරට විද්‍යුත් මාධ්‍ය නාලිකා කිහිපයකම හිමිකාරීත්වය දරනවා.
ආර් රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත්කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ඔහු දක්ෂ ව්‍යවසායකයෙකු ලෙස මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සෙත සැලසූ බවයි. එමෙන්ම සමාජ සේවකයෙකු ලෙස සිය යුතුකම් ඉටු කළ අයෙකු ද වනවා. ආර් රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළකරනවා.