fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරෝධායන නීති උල්ලංඝනය කළ 149 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2021 11:55

නිරෝධායන නීති උල්ලංඝනය කළ 149 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් පනස් දෙදහසකට අධික පිරිසක් මේ වෙනකොට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පුද්ගයින් 149 දෙනෙකු ඊයේ දිනයේ දී ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා සැකකරුවන් හතලිස් හයදහසකට පමණ නඩු පවරා තිබෙනවා. තවත් හයදහසකට පමණ නඩු පැවරීමට නියමිත බවයි පොලීසිය පවසන්නේ.

පළාත් අතර සංචරණ නියෝග ද තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 13 කදී ඊයේ දිනයේ දී පුද්ගලයින් 7,644 දෙනෙකු පරීක්ෂාවට ලක්කෙරුණා. මුඛ ආවරණ පළදින්නේ නැති හා ඒවා නිසි පරිදි පැළදීමක් සිදුනොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හෙට සිට ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2021 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්