කතරගම ඇසළ මහා පෙරහැරේ අවසන් පෙරහැර මංගල්‍යය ඊයේ පැවැත්වුණා.
දියකැපීම සිදුවුණේ අද පෙරවරුවේදීයි.
කතරගම පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරුණේ පසුගිය 10 වනදායි. දින 13 පුරා පෙරහැර මංගල්‍යය සිදුකෙරුණා. උඩරට පහතරට හා සබරගමුව යන සම්ප්‍රදායන් තුනම නියෝජනය කරමින් විචිත්රාංග පෙරහැරට එක්කර තිබුණා. මෙවර පෙරහැර පැවැත්වුණේ නිරෝධායන නීතීන්ට අනුවයි. චිරාගත සම්ප්‍රදායානුකූලව කිරිවෙහෙර රජමහා විහාරස්ථානය හා සම්බන්ධව විශේෂ වත්පිළිවෙත් ඉටු කිරීම ද සලපතල මළුවේ දී සිදුකෙරුණා. පෙරහැර මංගල්‍යය ක්‍රියාත්මක කෙරුණේ කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
අවසන් පෙරහැර පැවැත්වීමෙන් පසු අද පෙරවරු 9.10 ට යෙදුනු සුබ මොහොතින් දිය කැපීමෙන් පෙරහැර කටයුතු අවසන් කෙරුණා. මැණික් ගගේ ජීවමාලි තොටුපොලේදීයි එය සිදුකෙරුණේ.
මේ අතර මාතර දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ 764 වන ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ පස්වරුවේ වීථි සංචාරය කෙරුණා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එක්වුණා. පූජ්‍ය සෙවුන්දර සිරි සුනන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආගමික වතාවත් සිදුකර තිබෙනවා. දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ චමින්ද වනිගසේකර මහතාගේ මූලිකත්වයෙනුයි මෙම කටයුතු සිදුකෙරුණේ.