fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,815ක්

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2021 11:47

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,815ක්

කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු ඊයේ දවසෙත් වාර්තා වුණා.

කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු ඊයේ දිනයේ හදුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් ගණන 293,113 දෙනෙකු වනවා. ඒ අතුරින් 265,708 දෙනෙකු සුවය ලැබුවා. රෝගීන් 23,446 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

කොරෝනා මරණ 4,002 ක් සිදුව තිබෙනවා. පසුගිය 5 වනදා හා 6 වනදා යන දින දෙක හැරුණුවිට මේ මාසෙ මෙතෙක් සෑම දිනකම දහසකට අධික කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවුණා. එහෙත් දෙදහසේ සීමාව ඉක්මවාගොස් නැති බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ. අදාළ කාලසීමාවේ දිනකදි වැඩිම ආසාදිතයින් පිරිස වන 1,883 දෙනෙකු හමුවී ඇත්තේ පසුගිය පළමුවනදායි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේදා තහවුරු කළ ඊයේ දිනයේ වාර්තා කර ඇති කොරෝනා මරණ 43 ක් පිළිබද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනවා. මියගිය අය අතුරින් 26 දෙනෙකු පිරිම පුද්ගලයින් වන අතර 17 දෙනෙකු කාන්තාවන්. එමෙන්ම මියගිය අය අතුරින් 35 දෙනෙකු වයස අවුරුදු 60 වැඩි කාණ්ඩයට ඇතුළත්.

කොරෝනා එන්නත්කරණ වැඩසටහන ද සාර්ථකව ක්‍රියාත්මක වනවා. වයස අවුරුදු 30 ට වැඩි අය සදහා වයඹ පළාතේ එන්නත්කරණ වැඩසටහන කුරුණෑගල හෙද විදුහලේ දී ආරම්භ කෙරුණා. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙහිදී ලබාදෙනවා.

යුද හමුදාවේ මෙහෙයවීමෙන් විහාරමහා දේවි උද්‍යානයේ දී එන්නත් ලබාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. පස්වරු 4.30 දක්වා මෙම එන්නත්කරණය සිදුවන අතර වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට එන්නත් ලබාගත හැකියි.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 නෙකු ද සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හතලිස් නව ලක්ෂ දහනව දහස් තුන්සිය විසිතුන් දෙනෙකු ද ලබාගෙන තිබෙනවා. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 159,081 දෙනෙකු ලබාගත්තා. පුද්ගලයින් 126,058 දෙනෙකු ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ද පුද්ගලයින් 563,368 දෙනෙකු මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ද ලබාගෙන අවසන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2021 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්