ඔලිම්පික් ඔන්න මෙන්න තියෙද්දී ඔලිම්පික් ගමේ 79 ක් පොසිටිව්
Related Articles
ජාත්‍යන්තරයේම අවධානය මධ්‍යයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල හෙට දිනයේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්ව පවතිද්දි ඔලිම්පික් සමාරම්භක උත්සවයේ අධ්‍යක්ෂක එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර ඔලිම්පික් තරගාවලියට සම්බන්ධ පුද්ගලයින් 79 දෙනෙකුට මේ වනවිටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල හෙට දිනයේ දී ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානම් තත්ත්වයක් මතුව ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ. ඒ ක්‍රීඩා උළෙලට සම්බන්ධ පුද්ගලයින් 79 දෙනෙකුට මේ වනවිටත් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන්. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරුවන් මෙන්ම ස්වෙච්ඡා සේවකයින් සහ ඔලිම්පික් කමිටුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ද මේ පිරිසට අයත් වනවා.
කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ කල් දැමුණු ඔලිම්පික් උළෙල මෙවර පැවැත්වෙන්නේ ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරවයි. මේ අතර නාට්සිවරුන්ගේ සමූල ඝාතනය සිද්ධියක් 1990 වර්ෂයේ දී සමච්චලයට ලක් කළ වීඩියෝවක් සම්බන්ධයෙන් වූ මත ගැටුමක් හේතුවෙන් ඔලිම්පික් සමාරම්භක උත්සවයේ අධ්‍යක්ෂක එම ධූරයෙන් ඉවත් කිරීමට ඔලිම්පික් තරග සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා.
හෙට පැවැත්වීමට නියමිත ඔලිම්පික් සමාරම්භක උළෙලට සහභාගි වීම සදහා ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ භාර්යාව වන ජිල් බයිඩන්ද ටෝකියෝ නුවරට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 2032 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊයේ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්වන අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.