පිටරට ටෙලිත්, චිත්‍රපටිත් පෙන්නලා ලැබුණු ආදායම ගැන ඇමති කෙහෙලිය හෙලි කරයි
Related Articles
පිටරටවල ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට අපේ මාධ්‍ය තුළ විකාශය කිරීමෙන් මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ සිට මේ දක්වා රජයට රුපියල් මිලියන දෙසිය පනස් එකක බදු ආදායමක් ලැබී ඇති බව ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පසුගිය කාලයේදී විදෙස් ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශය කිරීමේදී බදු අය කිරීම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නතර කර තිබුණා. එහෙත් එය පසුගිය පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමත් සමග මෙවැනි බදු ආදායමක් ලැබී තිබෙනවා.
මේ අයුරින් අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව දේශීය නිර්මාණකරුවන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා. පුවත්පත් මණ්ඩල පනත සියලුම මාධ්‍යයන්ට අදාළ වන ලෙස මාධ්‍ය මණ්ඩල පනත ලෙස සංශෝධනය කිරීමට තම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.